Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; ImgResizer has a deprecated constructor in /home2/sitecor1/public_html/classes/imgresizer.php on line 2

Foot Steps



ආරුගම් බේ රළ මත ලිස්සායාම, පානම වෙරලේ රත්‍රිය සහ පොතුවිල් මුහුදු මහා විහාරය




Info : Pettah Bus Station
: Friday 22:30, 2011
: Pettah Bus Station
: Monday 03:00, 2011
: Public Bus Service
: Arugam Bay

Participants Dimuthu, Lakshman, Lakshman's malli, Indika, Ruwan, Me
සංචාරක තොරතුරු කොළඹ සිට පොතුවිල් බල ‍ෙපෟද්ගලික බස් රථ (අවම ලෙස) 3ක් පමන රාත්‍රියේදී ගමන් අරඹයි.
වැදගත් තොරතුරු පොතුවිල්, ආරුගම් බේ යන නගර දැඩි ලෙස වෙළද ආදිපත්‍යයට හසු වු නගරයි. එනම්, එහි බොහෝ මිනිසුන් කරුණු පවසන්නේ තමන්ට වාසියක් අත් වන පරිදිය. එම නිසා, යමක් ගැන විමසු විට නිවැරදි පිලිතුර බොහෝ දුරට නොලැබෙනු ඇත.
මිනිසුන් සමග කතා කරන්න. නමුත් තීරණයක් ගැනීමට පෙර ඉහත කරුණ ද සිතේ තබාගෙන නුවනින් තීරණය ගන්න
සංචාරක තොරතුරු පොතුවිල් සිට කොළඹ දක්වා සවස 5:30ට ලංගම බසයක් ගමන් අරඹයි. පොතුවිල් ලංගම බස් නැවතුම් පලින් කලින් ආසන වෙන්කර ගත හැකිය. රාත්‍රී 7:30 ට සහ 8:30 ට ‍ෙපෟද්ගලික බස් රථ (අවම ලෙස) 2ක් පොතුවිල් සිට කොළඹ බලා ගමන් අරඹයි. එම බස් රථ වල ද ආසන කළින් වෙන් කරවා ගැනීමට පහසුකම් ඇතැම් පෞද්ගලික වෙළද ස්ථානවල ඇත.

කොළඹ කොටුවෙන් රාත්‍රී 10:30 ට පොතුවිල් බලා පිටත්වන බසයට නැගුනු අප උදෑසන 5:30 ට පමන පොතුවිල් වලට ලගා විය.

ත්‍රී රෝද රථයකින් ආරුගම් බේ වෙත පැමිණියෙමු. මහුදු වෙරළෙහි හිරු නැගෙන දර්ශනය ස්වල්ඵ වේලාවක් නැරඹුවෙමු. ඉන්පසු අසල පිහිටි බේකරියකින් උදේ ආහාර ලබාගත් අප ආරුගම් බේ මුහුදු වෙරළට නැවත පැමිණියෙමු.

එවිට උදෑසන 7:30 ට පමණ වන්නට ඇත. විදේශිකයන් මෙන්ම ලාංකිකයන් ද කෙමෙන් කෙමෙන් මුහුද වෙත පැමිනෙන්නට වුනි. ඔවුන් බොහෝ දෙනා අත සර්ෆ් (රළ මත ලිස්සීම) ක්‍රීඩා කිරීමට අවශ්‍යය සර්ෆ් බෝර්ඩ් තිබුනි.

මෙසේ විශාල රැල්ලක් පැමිනෙන තුරු මුහුදේ සර්ෆ් බෝඩ් මතට වී පාවෙමින් පිටුපස බලමින් සිටින පිරිස ආරුගම් බේ මුහුදට විශේෂ අලංකාරයක් එක් කරයි.

සර්ප ක්‍රීඩාව සර්ෆ් බෝඩ් එකක් යනු දිගැති හැඩයෙනු යුතු පයිබර් ග්ලාස් වලින් සැදි දිය මත පාවෙන දෙයකි. එහි පිටුපස යට පැත්තෙහි කුඩා දැති 3ක් සවිකර ඇත. ඉදිරිපස උල් හැඩයක් ගනී.
ආරුගම් බේ ආරුගම් බේ මුහුද ඉතා විශාල නොකැඩෙන රැළි ඇති මුහුදු වෙරළක් ලෙස ප්‍රසිද්ධය. සර්ෆ් ක්‍රීඩාවට එම මුහුදු රැලිවල ගුණාංගය ඉතා අත්‍යවශ්‍යය. මෙම මුහුදු ප්‍රදේශය ලෝකයේ සර්ෆ් ක්‍රීඩාවට සුදුසු එක් ප්‍රධාන මුහුදු කලාපයක් ලෙස හදුනාගෙන ඇත.

අප ද ආරුගම් බේ පැමිණ සර්ෆ් ක්‍රීඩා නොකර යෑම මෝඩකමක් ලෙස සිතා සර්ෆ් බෝඩයක් කුලියට ගැනීමට ගියෙමු. ඇතැම් වෙළද ස්ථාන වලින් සර්ෆ් බෝර්ඩ් ලාංකිකයන්ට ලබා නොදෙයි. එහෙත් එක් වෙළද ස්ථානයකින් අපට සර්ෆ් බෝඩ් ලබා දුනි. එනමුත් එය යම් කැඩුනහොත් අපහට විශාල මුදලක් ගෙවීමට සිදු වෙයි. එම නිසා අප හට රබර් බෝඩයක් කුලියට ගැනීමෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

සර්ෆ් බෝඩ් කුලියට ගැනීම
  • ඇතැම් වෙළද ස්ථාන වලින් ලාංකිකයන්ට සර්ෆ් බෝඩ් ලබා නොදෙයි.
  • සර්ෆ් බෝඩයේ දැති කැඩුනහොත් රු: 7000 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වෙයි.
  • සර්ෆ් බොඩයක් සමාන්‍ය දිනක කුලිය රු: 700 පමනි
  • රබර් සර්ෆ් බෝඩයක දිනක කුලිය රු, 400 පමනි

මද දුරක් මුහුදු වෙරළ දිගේ ඇවිද ගිය අපට දැක ගත හැකි වුයේ ඉතා දක්ෂ සර්ෆ් ක්‍රීඩකයන් ඉතා විශාල රැළි මත ඉතා අලංකාර ලෙස ක්‍රීඩාවේ යෙදෙනු දැකගත හැකි විය. මෙසේ දිය ක්‍රීඩා කරමින් ද නාමින් ද අවට ඇවිදිමින් ද අප කාලය ගත කලෙමු.

සංචාරක තොරතුරු මුහුදු වෙරළට මදක් ඔබ්බෙන් මිරිදිය ලිදක් පවතී. එයින් වතුර ඇද ස්නානය කර පිරිසිදු විය හැකිය.

දවල් 12ට පමන ආරුගම් බේ වෙරළින් පිටත් වු අප සර්ෆ් බෝඩය කළියට ගත් තැනට නැවත බාර දී පයින්ම පොතුවිල් නගරය බලා ගමන් ඇරඹුවෙමු. මෙම වේලාවට බස් රථ පොතුවිල් දෙසට නොතිබුනු හෙයින් ද ත්‍රීරෝද රථයකට එම දුර යාම සදහා ර: 200 ක් දීමට අපගේ තිබු නොකැමැත්ත නිසා ද මෙසේ පයින් ම යාමට තීරණය විය.

සංචාරක තොරතුරු උදේ 6:30 සිට 9:00 පමන වනතුරු බස්රථ පානම සිට පොතුවිල් බලා තිබේ. සවස 1 සිට 4:30 පමන වනතුරු බස් රථ පොතුවිල් සිට පානම දක්වා ඇත. ඉන් පසුව බස් නොමැත. ඉන්පසු ගමනාගමනය සදහා ඇත්තේ ත්‍රීවීල් රථ පමනි.

අතරමග දී කළපුව ආසන්නයේ තිබු ගසක් යට මදක් නැවතුනි. දැඩි හිරු රෂ්මිය අපට බාධා කලේය. උදේ මිලට ගෙන තිබු කිඹුලා බනිස් ආහාරයට ගෙන හෝරා භාගයක් පමන එම ගස යට නිදාගත් අප නැවත ගමන් ඇරඹුවෙමු. අතරමග දී ආරුගම් බේ කලපුව ද එහි මසුන් මරන දීවරයන්ද ඉතා සුන්දර දරශනයක් එක් කලේය. තවද කලපුවේ එක් පසක ශ්‍රීලංකන් ගුවන් සේවය ලගදී පිහිටවු මුහුදු යාත්‍රාන්ගනයද දැකගත හැකි විය.

මෙසේ දහවල් 1:30ට පමන පොතුවිල් නගරයට පැමිණි අප දිවා ආහාරය ලබා ගැනීමට කඩයකට ගොඩ විය. කිහිපදෙනෙක් ආහාර ගන්නා අතර මාරුවෙන් මාරුවට අනෙක් අය අවශ්‍ය භණ්ඩ ගැනීමේ නිරත විය. මිලට ගත් භාණ්ඩ අතර ඇලුමිනියම් භාජන, හැන්දක්, නූඩුල්ස් පැකට්, බිත්තර, තුනපහ සහ පානීය ජලය විය. ඒ අතරම පසු දින ආපසු යාමට පොතුවිල් - කොළඹ බසය මුදල් ගෙවා කලින් ආසන වෙන්කරවා ගත්තේ අසල පිහිටි වෙළද ස්ථානයකිනි. මෙසේ කඩිනමින් සියල්ල සුදානම් කර ගත්තේ පානම බලා යන බසයක් සවස 2:30ට පැමිනෙන බව කඩයේ සේවකයනගෙන් දැනගත් නිසාය. එනමුත් එම බසය නොපැමිනියේය. අහස කලු කර තද වර්ෂාවක් ආරම්භ වුයේ සවස 4:20ට පමනය. එනමුත් එවිටම වාගේ පානම බලා යන බසයක් පැමිනියේය. එහි ගොඩ වු අප පානම ගම්මානයට පැමිනෙන විට සවස 5 පමන වන්නට ඇත.




බසයෙන් බැස්ස ස්ථානයේ සිට කි.මි. 2 ක පමන දුරක් ගම්මානය මැදින් ඇවිද යාමට සිදු විය. එම ගම්මානය මාටින් වික්‍රමසිංහයන්ගේ කෘති වල විස්තර කරන කොග්ගල වැනි යැයි අපට සිතුනි. එක් ගෙයක මිදුලේ ආඩියා ලිදකි. තවත් ගෙයක මිදුලේ පැරණි ඔරුවක් මත ගොඩ ගැසූ මාලු දැල්ය. බොහෝ ගෙවල් වල මිදුලේ අලංකාර ලෙස ඉදලෙන් අතුගා තිබු සුදු වැලි තලාය.

මෙසේ අවට සිරි නරඹමින් පැමිනි අප අවසානයේ වැලි කන්දක් දර්ශනය විය. එය මතට නැගුනු අපට දිස්වුයේ විශාල වැලි තැනිතලාවක් සහ මීටර් 200 ක් පමන ඔබ්බෙන් වු තවත් වැලි බැම්මකි. එය ඉතා අලංකාරය. තැනින් තැන වැවුනු ගස් පදුරු පසු කරමින් තැනිතලාවේ ගිය අප දෙවැනි වැලි පවුර මතට නැගුනේ එකිනෙකා පරයමිනි.

අහෝ.... කෙතරම් අලංකාරද මාගේ මවු රට. ඉතාම අලංකාරය. අප පැමිණ සිටියේ ඉතා විශාල මුහුදු බොක්කකටය. මුහුදු රල කැඩී ජලය වාෂ්ප ලෙස පිටවීම නිසා ඈත සියල්ල මීදුමකින් මෙන් වැසී යයි. අනෙක් පස වශාල ගල් කන්දකි.

අප ගමන් මලු එතැන තබා දෙදෙනෙකු එතැන නමතා ගල්කුළු පිහිටි දෙසට ඇවිද ගියේ අවට විශ්ලේෂණය කර කූඩාරම් ගැසීමට සුදුසු ස්ථානයක් සෙවීමටය. මෙසේ මීටර් 500 ක් පමන ඇවිද ගිය අප පැමින තිබුනේ මොය කට දෙසටය. එතැනදී අපට දැල් විසික්කර මාළු බාන්නෙකු මුනගැසුනේය. ඔහු අප මින්පෙර දැක නොතිබූ රවුම් ස්භාවයක් ගත් සුදු පැහැති මසුන් විශේෂයක් දැලින් බේරා නැවත ජලයට විසිකරමින් සිටියේය. ඔහුගෙන් ඇසූ විට ඒ “හුලං බටට“ බව පැවසුවේ ක්ෂණයකින් “ගම්පෙරළිය“ කතා පොත අපගේ මතකයට නගමිනි.

මෝය කට අසල ද වඩා සුදුසු ස්ථානයක් සම්භ නොවු හෙයින් නැවතත් අප බෑග් දමාගිය ස්ථානයට පැමිණ කූඩාරම් ගසා ආහාර ලෙස නූඩුල්ස් පිසීමේ නිරත විය. අප කූඩාරම් ගැසූයේ වැලි කන්දක් මෙපිටින් හෙයින් සුලගින් ද අප බොහෝ දුරට මුවා වී තිබුනි. ඉතා අපහසුවෙන් දර කැබලි කිහිපයක් සොයා ගිනිගොඩක් ගැසූ අප කෝපි පානය කරමින් වැල්ලේ දිගා වී වැල්ලේ වැතිර පැහැදිලි අහසේ තාරකා නිරීකෂණය කරමින් සිටියෙමු. උල්කාපාත කිහිපයක් ද වැටෙනු දැකගැනීමට අප වාසනාවන්ත විය.

සංචාරක තොරතුරු මෝය කට අසල හමුදා මූලස්ථානයක් ඇත. එතැන කූඩාරම් ගැසීමට හැකි වුවත් එතැන වැලි කදු නොමැත. එම නිසා සුළගට මුවා වී කූඩාරම් ගැසීමට නොහැකිය. මෝයකට ලග සිට දකුණු දෙසට මුහුදට සමාන්තරව ඇති පාරදිගේ පැමිනෙන විට එය වැලිකදු දෙකක් අතරින් ගමන් කරයි. එම ප්‍රදේශයේ මුහුදට ආසන්න වැලිකන්දට මෙපිටින් කූඩාරම් ගැසීම ඉතා සුදුසුය.
සංචාරක තොරතුරු අවශ්‍ය පමන ජලය රැගෙන යාම සුදුසුය. මෝයකට අසල හමුදා කදවුරට කලින් කුඩා මිරිදිය ලිදක් පවතී. නමුත් එම ජලය බීමට සුදුසුදැයි නොදනී.

මා රාත්‍රී 10ට පමන නින්දට ගිය අතර අනෙකුන් රාත්‍රී 12 පමන වනතුරු ගීත ගයා නටා විනෝද වී තිබුනි.

පසුදින උදෑසනම අවදි වී ඉර නැගෙන අර්ශනය නැරඹු අප කූඩාරම අකුලා මෝයකට දෙසට ගමන් කලෙමු. එතැන ඔරුවක් සෙවනේ සිට උදෑසන ආහාර ලෙස නූඩුල්ස් පිළියෙල කර ආහාරයට ගත් අප නෑමට පටන්ගතිමු. දහවල් 12 පමන වනතුරු වැලි ක්‍රීඩා සහ ජල ක්‍රීඩා කරමින් සිටි අප ඉන්පසු නැවත ගමන ඇරඹුවෙමු. අතරමගදී හමුදා කදවුර පසුකල විට තිබෙන ලිදෙන් ජලස්නානය කර පිරිසිදු විය.

සංචාරක තොරතුරු මුහුදේ නෑමට මොයකට අසල මුහුද සුදුසුය. අනෙක් මුහුදු ප්‍රදේශ රළු සහ ගැඹුරුය.

පානම නගරයට පයින් පැමිනි අප දිවා ආහාර ලෙස අසල කඩයකින් පාන් කා ත්‍රීවීල් රථ 2කින් ආරුගම් බේ වෙත පැමිණියෙමු. එතැනි සිට පා ගමනින් මුහුදු මහා විහාරයට පැමිනි අප එහි නටඹුන් නැරඹුවෙමු. මුහුදු මහා විහාරයට ඔබ්බේන් පිහිටි මුහුදු වෙරළ ඉතා විශාලය. එය අපට සිහිගැන්වුයේ කාන්තාර ප්‍රදේශයකි. අපගේ නැවත ගමන සදහා බයස තිබුනේ රාත්‍රියේ හෙයින් මුහුදු මහා විහාරයේ පිහිටි ගසක් යට හෝරා කිහිපයක් නිදාගත්තෙමු. සවස 5ට පමන නින්දෙන් අවදි වු අපට තේ පැන් වලින් සංග්‍රහ කිරීමට තරම් එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් කාරුණික විය. ඉන්පසු එතැනින් පිටත් වූ අප රාත්‍රී ආහාර පොතුවිල් නගරයෙන් ගෙන රාත්‍රී බසයෙන පසුදින උදෑසන වන විට කොලඹට පැමිනියෙමු. අවසානයි.




Last Updated : 27/05/2012
copyright © www.footsteps.lk, 2010