Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; ImgResizer has a deprecated constructor in /home2/sitecor1/public_html/classes/imgresizer.php on line 2

Foot Steps



නකල්ස් - බඹරැල්ල, කළුපහන, දූවිලි ඇල්ල, රනමුරේ

මෙම ගමන සදහා අප එකතු වුයේ අප මිත්‍ර සිදත්ගේ ආරාධනාව පිළිගනිමිනි. බ්‍රහස්පතින්දා රාත්‍රී 12 ට පමණ කොළඹ කොටුව ඉදිරිපිටදී හමු වු අප කොළඹ-නුවර-වත්තේගම ට පැමිනියේය. අප එහි දී අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් කළමනා මලට ගත්තේය. එතනින් බඹරැල්ල බසයට නැගුනු අප උදෑසන 10:20 ට පමණ ගමනාරමභයට පැමිණියේය.

Participants Sidhath - Organizer, Mahesh, Lalanka, Thushantha, Sameera, Asantha, Nanda, Ruwan, Chamila, Chandana, Dimuthu, Me
දූවිලි ඇල්ල
දූවිලි ඇල්ල




Info : Pettah Bus Station
: Friday 02:00, November 2010
: Pettah Bus Station
: Sunday 22:00, November 2010
: Public Bus Service

ගමන අතරමග දී අපගේ යහළුවකු අහඹුවෙන් හමු විය. ඔහු අපහට උදෑසන ආහාර ලෙස පරිප්පු, කෙසෙල් ආදිය ලබාදීමට තරම් කාරුණික විය. උදේ ආහාරය බඹරැල්ලේ දී ගත් අප ඉන්පසු ගමන ආරම්භ කලේය.

එවිටම වාගේ තද වර්ෂාවක් ඇද හැළෙන්නට විය. එම නිසා, මාර්ගය අසල පිහිටි කඩා වැටුනු ගොඩනැගිල්ලක සෙවන පැතීමට අපට සිදු විය. එය පරන ගොඩනැගිල්ලක් වුවද එහි අසල වතු යායක මුර කරුවකු නවාතැන් ගෙන සිටියේය. ඔහුගේ ආරාධනය පිළිගෙන නවාතැන් පළට ඇතුළු වු අප ගමන සදහා අප ද අපගේ බඩු බාන්ඩ සහිත ගමන් මළු ද සූදානම් කර ගැනීමෙහි නිරත විය. එම පුද්ගලයාගෙන් අපට දැන ගැනීමට ලැබුනේ අප ගමන ආරම්භ කලේ වැරදි මාර්ගයේ බවය. අප මෙම මාර්ගයේ ම ගියහොත් අප හට නකල්ස් කදු මුදුනට යා හැකි ය. එනමුත් අප හට වුවමනා වුයේ කළුපහන ප්‍රදේශයට ගොස් එතනින් දූවිලි ඇල්ලට යාමටය.

එම නිසා එම පුද්ගලයාට මුව නොසෑහෙන්නට ස්තූති කර අප ගමන් මග වෙනස් කරමින් ගමන් ආරම්භ කලේය. අප බසයෙන් පැමිණි මාර්ගයේම නැවත පිටුපසට ගමන් කල අප මද දුරකින් තේ වතු යායක් දෙසට හැරුනි. මෙසේ ගමන් කරන විට අප හට ඈතින් ජෝඩු ඇල්ල දැක ගත හැකි විය. මෙසේ තේ වතු යායේ ඉහලට ම අප ගමන් කරද්දී පැවත මීදුම සහිත අවට දර්ශනය ඉතා චමත්කාරජනක විය. දිය පහරක් දිගේ වැටුනු පාලමක් ද පසු කරමින් රත්න ගිරි වතු යායට ඇතුලු වු අප පැරණි අම්බලමක් හෝ මුරපළක් ලෙස පැවති ගොඩනැගිල්ලක් අසලට පිවිසියේය. මෙය ද පසු කර ගිය අපට ලයින් කාමර කිහිපයක් සමග තේ වගා නොකල කන්දක ආරමභය දැකගත හැකි විය. එතැන් සිට මනා පදුරු අතරින් කන්ද නැගීම ආරම්භ විය. එම කන්ද අවසානයේ වන ගහනය ආරම්භ විය. නමුත වනය තුලට යාමට පෙර උනුසුම් සුප් පානයක රස බැලීය. එම ස්ථානයෙ සිට ඈත පෙනෙන කදු 2ක් ඉතාම අලංකාර ලෙස දිස්විය.

ඈත....
ඈත....

ආරම්භයේ සිටම මද වර්ෂාවක් පැවති අතර දිනය පුරාම නොකඩවා වර්ෂාව පතිත විය. මෙසේ වනය තුලට ඇතුලු වු අප වර්ෂාව සහ දැඩි කූඩලු කරදර විදිමින් ගමන් ගත්තේ ය. අපගේ අරමුණ වුයේ එදින රාත්‍රිය ගත කිරීමට කළුපහන එනසාල් වාඩියට යාමය.

Traveler Tips කූඩාරම් ගැසීමට සුදුසු ස්ථානයක් කළුපහන එනසාල් වාඩියට යන තුරු අපට හමු නොවිනි.

අතර මග දී අවස්ථා 2කදි හැරෙන්නට මාර්ගය සොයා ගැනීම එතරම් අපහසු නොවීය. දෙවැනි අවස්ථාවේදී අප කලේ අනුමානයකි. එම නිසා අප ගමන මදක් වේගවත් කලේ, අප තෝරාගත් මාර්ගය වැරදි නම් නැවත හැරී ඒමට කාලය ලබා ගැනීමටය.

Traveler Tips පළමු අවස්ථාව හමු වුයේ තේ වතු යාය අවසානයේ තබූ කන්ද නැගීමේදීය. එහිදි කන්ද උඩට සහ කන්දට සමාන්තරව පාරවල 2ක් හමු විය. එහිදී කන්ද උඩට ගමන් කල යුතුය. අනිත් අවස්ථාව හමු වුයේ වනය තුලදීය. එහිදී කන්ද පහලට තද බෑවුමක් සහිත පාරක් ද (වම් පැත්තට) කන්දට සමාන්තර මද බෑවුමක් සහිත පාරක් ද හමු විය. අප එහිදි කන්දට සමාන්තර තිබු මාර්ගය තොරා ගත්තේය.

එනමුත් අපගේ වනගත මාර්ග සොයා ගැනීමේ හැකියාව නිවැරදි බව පසක් කරමින් හොරාවක පමන කාලයක ගමනකින් පසු එනසාල් වගාවන් දර්ශනය වන්නට විය. මෙසේ බඹරැල්ලෙන් උදෑසන 11ට පමන ගමන් ඇරඹු අප සවස 4:40ට පමණ කළුපහන එනසාල් වාඩියට ලගා වීමට සමත් විය.

Info අපගේ ගමන සිදු වුයේ මදක් සෙමිනි. අතරමග නැවතී සිටි කාලය ද මදක් වැඩිය. එනසාල් වාඩියේ වැඩ කරන පුද්ගලයන්ට මෙම ගමනට ගත වන්නේ පැය 1:30 ක පමන කාලයක් බව ඔවුන් අපට පැවසීය.

අප දැඩි කූඩලු ප්‍රහාරයකට ලක් වී තිබුනි. කකුල් දෙකෙම ලේ වලින් වැසී තිබුනි.

Traveler Tips කූඩැල්ලන්ගෙන් බේරීමට ඉතා අපහසුය. නමුත් පහත ඖෂධ භාවිතා කර යම්තාක් දුරට කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් විය හැකිය.
  • සබන් - නමුත් වතුරට සේදී යයි
  • ලුනු පොට්ටනියක් - මෙය මදක් තෙතමනය සහිත ලෙස තබා ගන්න. ඉතා ප්‍රයෝජනවත්ය.
  • වල් දුන්කොළ - මෙය කොටා, අඹරා ගා ගන්න. අප සිරිහා ගමනේදී මෙය නොදැන භාවිතා කර ප්‍රතිඵල ලබා ඇත.
  • ඩෙටෝල් - වතුර සමග මිශ්‍ර කර භාවිතා කල හැකිය. ප්‍රයෝජනවත්ය. නමුත් විශාල පරිමාවක් අවශ්‍ය වෙයි.
  • මී ඇට - මෙය අඹරා ගා ගන්න. ඉතාම හොදය. නමුත් වතුරට සේදී යයි.
  • දර අළු - කකුල වියළිව තබා ගැනීමට ප්‍රයෝජනවත්ය.

කළුපහන වාඩියේ එදින පුද්ගලයන් 6 දෙනෙකු පමන සිටියේය. ඔවුන් අප හට ඉතා කාරුණික විය. අපට සිටීමට වෙනම වාඩියක් ලබා දුන් ඔවුන් තේ පැන් වලින් ද සංග්‍රහ කලේය. වාඩිය අසල තිබු වතුර පීල්ලෙන් හොදින් නා පිරිසිදු වු අප රාත්‍රී ආහාර පිළියෙල කිරීමෙහි නිරත විය. මා හට බඩේ අජීරණයක් වැලදී තිබු නිසා කෑම නොගෙන ම නින්දට පිවිසුනි. අප යහළුවන් නුඩූල්ස් සමග සොසේජස් පිළියෙල කර වාඩියේ අය සමග රාත්‍රී ආහාර ගෙන තිබුනි. සියල්ලන්ම ඉක්මනින් නින්දට ගියේ ඊට පසු දින ද අප හට ගමන් කිරීමට තිබූ නිසාවෙනි.

උදෑසන අවදි වූ අප ආහාර පළියෙළ කිරීමේ නිරත විය. කිහිපදෙනෙකු ආහාර පිළියෙල කීරීමෙහි යෙදී සිටියදී වාඩියේ සිටි ගම්මුන් සමග කතා බහකට අප දෙදෙනෙකු එකතු විය.

Traveler Tips නකල්ස් යෑමට හොද කාලය මාර්තු සිට ජූලි දක්වාය. නොවැම්බර් සිට පෙබරවාරි දක්වා තද වර්ෂාව පවතී. කූඩැල්ලන් ද බහුලය. :-D
යල් වැස්ස දැඩි සුළග සමග පැමිනෙන වර්ෂාව. යල් වැස්ස පවතින කාලයට එනසාල් වාඩි වල වැඩ කරන ගැමියන් කැලය තුල ගමන් කරන්නේ ඉතා ප්‍රවේසමෙනි. එයට හේතුව දැඩි සුළග නිසා ගස්, අතු කඩා වැටීමයි.

අප හට දැක්වු සැලකිල්ල වෙනුවෙන් හදවතින්ම ස්තූති කල අප උදේ 10:30ට පමන අපගේ ප්‍රදානම ඉලක්කය වෙත ගමන ආරම්භ කලෙමු. රනමුරේ ගම් වැසියෙකු වන පුංචිබණ්ඩා මහතා අපට මාර්ගය පෙන්වීමට පැමිණීම අපව තවත් ධෛර්යමත් කලේය. මෙම කාලය තුල තද වැසි සහ සළග පැවති හෙයින් ගස් කඩා වැටී මාර්ගය සොයා ගැනීම අපහසු විය. ගමන් කිරීමට තිබූ අඩි පාර වෙනුවට රා මැදීමට ගිය අඩි පාරවල් වල යෑම නිසා අපට මාර්ගය කිහිපවිටක් වැරදුනි. එනමුත් පුංචිබණ්ඩා මහතාගේ මෙම ප්‍රදේශය පිළබද තිබු සහජ ඉව නිසා අපහට අපගේ අරමුණට ලගා වීමට හැකි විය. එය නම් මීට පෙර මෙය නැරඹූ සියල්ලන්ම තමන්ගේ සිහිනට ලෙස නම්කර තිබූ 'දුවිලි ඇල්ල' ය. මෙය අප හටද සිහිනයක් වැනි වූ බැවින්, මා මෙය 'සැමගේ සිහිනය' ලෙස හැදුන්වමි.

මෙම දින වල දිය ඇල්ලේ වතුර අඩු ය. එනමුත් අලංකාරයේ අල්ප මාත්‍ර අඩුවක් නොමැතිව ගලා හැලෙන මෙම සුන්දරිය සමග අප ආලයෙන් වෙලී ගියේය. මීට පෙර චිත්‍රපටි වල පමනක් දැක තිබූ දිය ඇල්ලක් පිටුපස සිට දර්ශනය සැබහින් දැක ගැනීම විස්තර කල නොහැකි අද්දැකීමකි.

එනසාල් වියලනය
එනසාල් වියලනය
දූවිලි ඇල්ල පහළ
දූවිලි ඇල්ල පහළ
පොළගා
පොළගා
දූවිලි ඇල්ල ගුහාව
දූවිලි ඇල්ල ගුහාව

එම ස්ථානයේ හොරාවක පමන කාලයක් රැදී සිටි අප දිය ඇල්ල පිටුපසින් දිය ඇල්ල අනෙක් පසට ගොස් එම දිශාවෙන් රනමුරය ගම කරා ගමන් කිරීම ආරම්භ කලෙමු. අතර මග අප පිසගෙන රැගෙනවිත් තිබු බත් ආහාරයට ගෙන දිගටම ගමනේ නිරත විය. පතනවල් දෙකක් පසු කර දිගටම ගමනේ යෙදුනු අප රනමුරේ ගම්මානයට ලගා වන විට රාත්‍රී 10 පමන විය.

රාත්‍රියේ අප යහළුවන් පිරිසක් ගම හරහා ගලා ගිය දිය පහරක් අසල කූඩාරම් අටවා රාත්‍රී ආහාර ලෙස සුප් සහ රොටී සකසා තිබුනි. එනමුත් මා ඇතුලු සිවු දෙනෙකු ගමෙහි පිහිටි අම්බලමේ නින්දට පිවිසියේ ය. උදෑසන අවදි වු අප ආහාර පිස හොදින් ස්නානය කර දිවා ආහාර ගෙන රනමුරේ ගම්මානයට ආයුබොවන් කියා පිටත් වන විට උදෑසන 11 පමන විය. රනමුරේ සිට පල්ලේගම හන්දියට වාහනයක පැමිනි අප එතැනින් දඹුල්ල බලා දිවෙන බසයට පැයක පමන වෙලාවක් පැවති හෙයින් අසල පිහිටි ගංගාවකට ගොස් නැවතත් දිය නා ගත්තේය. දවල් 1ට පල්ලේගම හන්දියෙන දඹුල්ල බලා යන බසයට ගොඩ වු අප දඹුල්ලේන් කොළබ බලා බසයකට ගොඩ වී රාත්‍රී 10ට පමන කොළඹට ලගා විය. අවසානයි.




Useful Links Lakdasun trip report - Bambarella,Kalupahana,Doovili Eli And Return to Ranamure : www.lakdasun.org
Lakdasun trip report - 'Duvili Ali' through Manigala & Walpolamulla : www.lakdasun.org
Lakdasun trip report - Knuckles – Doovili Eli – Kalupahana 2010 : www.lakdasun.org

Thanks
  • Malaka for his great trip report on lakdasun with lots of information. His description inspired us to do this journey.
  • Nice people we met at KMP wadiya, Kalupahana.
  • Malaka for correcting me about lakegala mountain.
Last Updated : 19/01/2011
copyright © www.footsteps.lk, 2010