Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; ImgResizer has a deprecated constructor in /home2/sitecor1/public_html/classes/imgresizer.php on line 2

Foot Steps



හොටන් තැන්නේ කූඩාරම් ගැසීම සහ ලෝකාන්තය - බෙලිහුල්ඔය පැරණි අඩි පාර





Info : Pettah Railway Station
: Friday 20:00, 2012
: Pettah Bus Station
: Monday 03:00, 2012
: Train, Public Bus Service
: Horton Planes, Worlds End, BelihulOla

Participants Dimuthu, Chuta Aiya(Ruwan), Indika, Sidhath, Anuradha(Gomas), Ukkuwa, Udayanga, Lakshmal, Lakshman's malli, Busha, Dimuthu's malli, Vangi, Pubudu, Me

මෙම ගමන සංවිධානය වුයේ විවිධ පරස්පර අදහස් කිහිපයක් එකතු කිරීමෙනි. හෝටන් තැන්නේ කූඩාරම් ගැසීම සැමගේ අරමුණ වුව ද එතැනට යන මාර්ගය සහ ආපසු පැමිනෙන මාර්ගය පිළිබදව එකගතාවයකට පැමිණීමට ඉතා අපහසු විය. අවසානයේ දුම්රියේ ඔහිය දක්වා ගමන් කර එතැන් සිට පා ගමනින් හෝටන් තැන්නට යාමටත් ආපසු පැමිණෙන මාර්ගය එතැනදී තීරණය කිරීමටත් එකගතාවයකට පැමිණුනි.

අප කොළඹ කොටුවෙන් රාත්‍රී 10 ට පිටත්වන දුම්රියෙන් ගමන් ආරම්භ කලෙමු. රාත්‍රී දුම්රියට සියල්ලන්ම වේලාවට ගොඩවිය. එනමුත් අප හට ගෑස් ලිපෙහි උදුන කොටස ගෙන යාමට අමතක වී තිබුනි. මෙම නිසා දැඩි සාකච්චාවකින් පසු නානුඔය දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් ඉවත වී නුවරඑළියට ගොස් උදුන මිලට ගැනීමට තීරණය විය.

විශේෂ ස්තූතිය අප ගමනට අතරමග දී සම්බන්ධ වීමට සිටි යහලුවකුද (ලකිත - බබා) ගෑස් ලිපට උදුනක් සෙවීමට දැඩි වෙහෙසක් දරා නොහැකි විය. ඔහුට එම නිසා මෙම ගමනට සම්බන්ධ වීමටද නොහැකි විය.

දුම්රය ගමන අතරතුර නාවල දුම්රිය ස්ථානයේදී දෙපිරිසක් අතර සිදු වූ ගැටුමක් දැක ගත හැකි විය. අප මීට පෙර ගැටුම් දැක තිබුනද මෙවැනි දැඩි ලෙස පහර දීමක් දැක නොතිබුනි. එය බිය උපදවන දර්ශනයක් විය. එම සිදුවීම හැරෙන්නට ඉතිරි ගමන විශේෂ සිදුවීමකින් තොරව ගත විය.

මෙසේ නානුඔය දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් ඉවත් වූ අප උදෑසන වීමට හෝරා කීපයක් තිබු හෙයින් දුම්රිය විවේකාගාරයේ නින්දට වැටුනි. උදෑසන 6ට පමන අවදි වී නුවරඑළිය බලා පිටත් වන බසයකින් නුවරඑළියට පැමිනෙන විට උදෑසන 7 පමන වන්නට ඇත.

එහි පිහිටි වෙළද සැලක් විවෘත කරන තෙක් සිට උදුන මිලට ගත් අප උදේ කෑමද එහි පිහිටි වෙළද සැලකින් ගෙන බසයෙන් උදෑසන 11ට පමන පට්ටිපොලට පැමිනියෙමු. එතැනදී අපගේ තවත් යහලුවකු වන නදීර ද අප සමග එකතු වූයේ අප නඩයේ ගනන 15ක් කරමිනි. එතැනින් දුම්රියකට ගොඩ වූ අප ඔහියෙන් දුම්රියෙන් ඉවත් වී හෝටන් තැන්න බලා පා ගමන ඇරඹුවේය.

සංචාරක තොරතුරු ත්‍රීවිල් රථයක ඔහිය සිට හෝටන් තැන්න යාමට පුද්ගලයෙකුට ර:100 ක් අය කරයි.

පා ගමනේ හෝටන් තැන්න උද්‍යානයට ඇතුලු වන තුරු ම නැග්මක් සහිත විය. එනමුත් අපට පරිසරයේ තිබු අලංකාරය සහ සිසිල් දේශගුණය නිසා ගමන වෙහෙසකර නොවීය. නිමක් නොමැති තැනිතලා ද ගෝනුන් ද වෘක්ෂ ද පසුකරමින් හෝටන් තැන්න තොරතුරු මධ්‍යස්ථානය වෙත අප ලගාවන විට වේලාව සවස 4 පමන විය. එතැනට අප කොළඹ වනජීවී මධ්‍යස්ථානයෙන් ලබාගත් කදවුරු අවසර පත්‍ර ඉදිරිපත් කර, කදවුරු අංක 1 දක්වා ගමන් කලෙමු.

සංචාරක තොරතුරු කදවුරු බිම්, සංචාරක බංගලා ආදිය කලින් වෙනකරවා ගත යුතුය. ඒ සදහා මාලබේ වනජීවී කාර්යාලය වෙත සතියේ දිනවල ගොස් වෙන්කර ගත හැකිය.

තකදවුරු බිමට පැමිනි පසු සියල්ලන්ම බෙදී කලයුතු විවිධ කාර්යයන් වල නිරත විය. කිහිපදෙනෙකු ආහාර පිසීමෙහි ද කිහිපදෙනෙකු කූඩාරම් ගැසීමෙහි ද තවත් සමහරු දර සෙවීමෙහි ද ආදී වු වැඩවල නිරත විය. ඉතා ඉක්මනින් ආහාරය සූදානම් විය. ඉතාම රසවත් වු එම ආහාර වේලට බත් සමග වෑන්ජන කිහිපයක් ඇතුලත් විය. සවස 5:30ට පමන ආහාර ගෙන නිමවා ගිනිමැලයක් ගසා සියල්ලන්ම රාත්‍රීයට සූදානම් විය.

සංචාරක තොරතුරු හෝටන් තැන්න වන උද්‍යානය තුල ගිනිමැල ගැසීම නීතියෙන් තහනම් ය. එනමුත් කූඩාරම් භූමියේ අවටට ගිනි නොඇවිලෙන ලෙස කුඩා ගිනිමැලයක් ඇතමුන් දල්වා ගනිති.

රාත්‍රිය ඉතාම සීතල විය. ගිනිමැලය වටා රොක් වී කෝපි පානය කරමින් සියල්ලන්ම සතුටු සාමිචියේ නිරත විය. රාත්‍රී 10ට පමන කුඩාරම් තුලට වැදී නින්දට වැටුනි. රාත්‍රීයේ විටින් විට නින්දෙන් අවදි වුයේ දැඩි සීතල නිසා ය.

සංචාරක තොරතුරු කුඩාරම් ගැසීමේ දී කූඩාරම් භූමියට කොළ අතු, පිදුරු වැනි දෙයක් දැමීමෙන් කූඩාරම තුලට සීතල භූමියෙන් පැමිනීම බොහෝ දුරට මගහරවා ගත හැකිය. තව ද ඇල අතට නිදා ගැනීමෙන්, එනම් සිරුර කූඩාරමේ බිම සමග ස්පර්ෂ වන වර්ගඵලය අඩු කිරීමෙන් සීතල දැනීම අඩු කර ගත හැකිය.

උදෑසන 6ට පමන අවදි වූ අප කෝපි පානය කර කෑම පිසීම ආරම්භ කලෙමු. බත් සමග සැමන් සම්බෝලයක්, පරිප්පු සහ හාල්මැස්සන් බැදුමක් ලහි ලහියෙ සූදානම් වූයේ ගෝමස්ගේ සහ වන්ජි ගේ ප්‍රධානත්වයෙනි. කදවුරු බිම අසලින් ගලා ගිය දිය පහරේ බැස සියල්ලන්ම නා පිරිසිදු විය. එම ජලයෙහි වැඩි වේලා බැස සිටීමට ඉතා අපහසුය. මුලු ශරීරයම හිරිවැටී හැගීම් දැනීම් නැති වී යයි.

සියල්ලන්ම මෙසේ පිරිසිදු වූ පසු අප පිස නිමකල ආහාර අනුභවය ආරම්භ විය. එය ඉතාම රසවත් ආහාරයක් වීය. ආහාර ගැනීමෙන් පසු ගමන ආරම්භ කිරීමට අප සිතා සිටිය ද, ප්‍රමානය ඉක්මවා ආහාර ගැනීම නිසා ගමනේ යෙදීමට අපහසු බවක් දැනී ගියේය. එම නිසා හෝරා භාගයක් පමණ කදවුරු බිමෙහි වැතිරී සිටි අප උදෑසන 11ට පමන ගමන ආරම්භ කලෙමු.

පළමුව අලංකාර බේකර්ස් දිය ඇල්ල නැරඹූ අප ඉතා වේගයෙන් ලෝකාන්තය කරා ගමන් කලෙමු. සවස 1 පමන වන විට ලෝකාන්තයට පැමිනියේය. එදින ඉතා විශාල නරඹන්නන් පිරිසක් එතැන රැස් වී සිටියේය. එම මොහොතේ ඉතා දැඩි මීදුමක් පැවති නිසා ලෝකාන්තය යන්න සැබෑ ලෙසම දැක ගැනීමට හැකි විය.

මද වේලාවක් එතැන විවේක ගත් පසු, අපගේ මූලික ඉලක්කය වූ ලෝකාන්තයේ සිට බෙලිහුල්ඔය දක්වා වැටී තිබූ පැරණි අඩිපාර තරණය ආරම්භ කලෙමු.

ලෝකාන්තයේ සිට නන්පේරියල් තේ වත්තේ සංචාරක බංගලාව දක්වා කි.මි. 3 ක පමන දුරක් පවතී. එම දුර වනාන්තරය මැදින් වැටී පවතී. ඇතැම් තැනක මීදුමින් වැසී ගිය හෙළවල් ය. තවත් තැනක කිරිගරුඩ පාෂාන සහිත පොලොවකි. තවත් තැනක මීමන වැනි පුරාණ ශාකය. තවත් තැනක ගෝනුන්ගේ හෝ උරන්ගේ අඩි සටහන් ය. මෙවැනි ඉතා සුන්දර විවිධාකාර පරිසරයක් පසු කරමින් අප සවස 2ට පමන නන්පේරියල් සංචාරක බංගලාවට සැපත් විය.

සංචාරක තොරතුරු මෙම මාර්ගය ගමන් කරන්නේ හෙළට සමාන්තරව බෑවුම ආසන්නයෙනි. එම නිසා, මීදුම සහිත දිනවල ඉතා ප්‍රවේසමෙන් ගමන් කල යුතුය. එම කි.මි. 3 හි වැඩි නැග්මක් හෝ බැස්මක් නොමැත.

සංචාරක බංගලාවේ එදින කිසිවකු නොසිටියේය. එතැන පිටුපස මිදුලේ සිට තේ පානයක් සාදා පානය කල අප නැවත බෙලිහුල්ඔය බලා ගමන් ඇරඹුවෙමු. එතැන සිට කි.මි. 1 ½ ක් පමන තාර පාරේ ගමන් කල විට නන්පේරියල් හි ප්‍රසිද්ධ මංසන්දිය හමුවෙයි. එතැනදී නැවතත් තාර දැමූ පාරෙන් ඉවත් වී තේ වත්ත අයිනෙන් මද දුරක් ගමන් කල විට නැවතත් බෙලිහුල්ඔයට වැටෙන අඩිපාර හමුවෙයි.

සංචාරක තොරතුරු තාර පාරේම දිගටම ගමන් කළහොත් ඔබට නන්පේරියල් නගරයට ගමන් කල හැකිය. එය කි.මි. 20ක පමන දුරය. නන්පේරියල් සිට කොළඹ බස් මාර්ගයට ද විශාල දුරක් නැවත ගමන් කල යුතුය. මෙම අඩිපාර කි.මි. 5ක් පමනය. එය ඉහල ගලගම ගම්මානයෙන් අවසන් වන අතර එතැන් සිට කි.මි. 7ක් පමණ තාර පාරේ ගමන් කල විට කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට 'බෙලිහුල්ඔය හෝටලය' අසලින් සම්බන්ධ වෙයි.

අප කලින් සිතුවේ මෙම අඩිපාර ගම්මානය ආසන්නයෙන් පාරට සමාන්තරව යනු ඇත කියාය. නමුත් අපගේ ඉමහත් පුදුමයට හේතුවන පරිදි මෙම අඩිපාර ගම්මනවල්, මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන් හුදකලාව කදු හෙළ් මතින් වැටී තිබුනි. අප බංගලාව අසලින් ගමන් ආරම්භ කලේ සවස 4ට පමණ හෙයින් ද මෙම අඩිපාරේ තත්වය කලින් නොදැන සිටි හෙයින් ද අපහට ගමන මදක් ඉක්මන් කිරීමට සිදුවිය. ඉතාම දැඩි බෑවුම් සමීපයෙන් වැටී තිබු මෙම මාර්ගය අවසානයේ පයින් වනාන්තරයක් හරහා ගමන් කරයි.

මෙසේ ගමන් කල අපහට පයින් ගස් වනය තුලදී මාර්ගය දෙකට බෙදුනු ස්ථානයක් හමු විය. එතැනදී වඩා පැහැදිලිව තිබූ මාර්ගය වෙනුවට අනෙක් මාර්ගය තෝරාගැනීම නිසා අප දැඩි බෑවුමක් පසු කර ගංගාවකට පැමිනියේය. මෙම දැඩි බෑවුම බසින විට අපහට ඈතින් කුඹුරු යායක් පෙනුනි. අපහට ගම්මානය පෙනි පෙනී මාර්ගය වැරදී තිබුනි. තවද ඒ වනවිට වේලාව රාත්‍රී 7 පමන වූ නිසා දැඩි අදුරක්ද පැවතුනි. ගංගාව වැඩි අපහසුවකින් තොරව තරණය කල අප අනෙක්පස කන්ද නැග කුඩා ජල විදුලි බලාගාරයක් ආසන්නයට පැමිණියේය.

සංචාරක තොරතුරු මුහුදු වෙරළට මදක් ඔබ්බෙන් මිරිදිය ලිදක් පවතී. එයින් වතුර ඇද ස්නානය කර පිරිසිදු විය හැකිය.

එතැන සිටි පුද්ගයලන්ගෙන් මාර්ගය අසාගත් අප ඉහළ ගලගම ගම්මානයට පිහිටි කඩයක් ආසන්නයේ තිබූ හන්දයකට පිවිසුනි. එතැන මන්සන්දියේ නැවතී රාත්‍රී ආහාර ලෙස නූඩුල්ස් සකස් කර ආහාරයට ගත් අප රාත්‍රී 9ට පමන එතැනින් පිටත්ව කි.මි. 7ක් දුර ගෙවා කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට බෙලිහුල්ඔය හෝටලය අසලින් පිවිසුනි.

එතැනින් කොළඹ බලා දිවෙන බසයකට ගොඩ වූ අප උදෑසන 3ට පමන කොළඹට ලගා විය. අවසානයි.



Trip Plan For You No. of Days : 2
Friday - Take the Badulla Train at 20:00 from Fort Railway Station
Saturday 5:00 - Get of from Pattipola or Ohiya railway station
Can take a taxi to Horton Planes from both stations or can walk - 3 hour walk - nearly 13 km from both side
If you decide to walk, get of from train at Ohiya, since that road is much beautiful
Accommodation : You can stay at H.P. Wildlife Bungalow (2 Bungalows) or you can stay at one of 3 camp sites (Camp site 1 is the best camp site)
Saturday : If you have time you can take Thotupala Kanda trail which is not that difficult and will take only 4 hours
Saturday Night : If you stay at the H.P. camp site, you can take a night walk within the park which is a great opportunity. But if you stay at Bungalows, you can't go out at night
Sunday : Options to Decend : Decent from Ohiya or Pattipola roads and take the night train at~21:00 to Colombo Fort OR from Worlds end, you can take the trail to BelihulOya (not legal, adventurous, beautiful)
If you want to do the Kirigalpoththa trail, it is good to have a seperate day for that



Thanks
  • Lakitha for his effort to find a Gas Cooker.
  • Pannila for booking the camp site.


Last Updated : 05/06/2012
copyright © www.footsteps.lk, 2010